ඉන්ද්රධනුවක් සේ
නබෝගැබ සහසකර සනහා
මේඝ සඳවත සේ
නිහාක්ෂ ස්නේහ කැන් දිලුනා
ආලේ ගී වීනා
වයන සර සවන් බෝ පිරුනා
පබසරාවිය නුඹේ
සසඳර ප්රභාෂන පේනා
ඈ රූ චායා - සිසිලේ දිලෙනා
නිබදේ සිහිනේ සැරිසරා
නුඹ කෝ අසනා - මා මග බලනා
ප්රේමේ අරුත් ගෙන එනා
තඹර පත් පිනි සිසිල රදවා
සියොලඟම රැඳෙනා
සිනහා පානා දෑසේ රැඳිලා
තුන් යමම පේනා
තඹර පත් පිනි සිසිල රදවා
සියොලඟම රැඳෙනා
සිනහා පානා දෑසේ රැඳිලා
තුන් යමම පේනා
මා හා දෑතේ වෙලී
නුඹ ආවා මා පෙම්බරී
හීන අඹරේ දිලෙන යාමෙක
ආලේ මේ සඟවා
නිෂාවන්හී ආලේ රෑ සර
හෙමින් ඇදහැලුනා
මා හා තුරුලේ වෙලී
නුඹ ආවා මා පෙම්බරී
ඈ රූ චායා - සිසිලේ දිලෙනා
නිබදේ සිහිනේ සැරිසරා
නුඹ කෝ අසනා - මා මග බලනා
ප්රේමේ අරුත් ගෙන එනා