සිහිනයක් ලෙසින් ඈත පාවෙලා ඒ ආදරේ
මිරිගුවක් වගේ බොදවෙලා ඔබේ සෙනෙහේ
නෙත් අගින් මැවුණු හසරැල්ලක සේයා ඔබගේ
මතකයක් වෙලා හදවතේ රැදී මේ යාමයේ
ඒ සෙනෙහේ අද නෑ දැනුනේ
මා ඔබගේ මතකෙන් මිදුනේ
තනිකමින් උන්න ලෝකය ඔබ ආදරයෙන් හැඩකෙරුවා
හිනැහිලා උන්නු ඒ අතීතයේ සිතුවම් මැවුනා
ඔබ ලගින් රැදුන කාලය සිහිවෙයි මා නෙත තෙමිලා
ලංවෙලා උන්නු ඔබ මා අද දෙතැනක තනි වෙලා
ආදරෙන් උන්න මතකය අදුරේ සැගවී යනවා
හදවතේ කොනක සේයා ඔබගේ සිතුවම් වෙනවා
මා ඔබෙන් මිදී හුදෙකලා ලොවක ගී ගයනවා
ප්‍රේමයේ නමින් ලියැවුණු කවියක් බොදවී යනවා